BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

  • කෙළවල්ලෙකුගේ ඡායාරූපයකි

    එල් නිනෝ නිසා ශ්‍රී ලංකා මුහුද වටා වන මත්ස්‍ය ගහන සිතියම වෙනස් වෙයි ද?

    ශ්‍රී ලංකාවේ සාගර මත්ස්‍ය අස්වැන්න ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව ධීවර ප්‍රජාව පවසති. මෙහි දැඩි ම බලපෑම එල්ල වී ඇත්තේ දින ගණනාවක් ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත බහුදින ධීවරයින්ට ය. එල් නිනෝ තත්ත්වය මත්ස්‍ය ගහන සිතියමට බලපා ඇත්තේ කෙසේ ද?

  • A general view of St. Anthony's Shrine in Colombo on April 29, 2019, a week after a series of bomb blasts targeting churches and luxury hotels on Easter Sunday in Sri Lanka.

    පාස්කු ප්‍රහාරය: බුද්ධි සටහන් පොතක් ගැන CIDය අධිකරණයට දැනුම් දෙයි

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව සිදු කරන විමර්ශනවලට අදාළව වව්නතිව් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නද්ධ බළකායේ බුද්ධි තොරතුරු ඇතුළත් සටහන් පොත සිය භාරයට ගෙන තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (අගෝ. 19) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දුන්නේ ය.

  • දිනේෂ් චන්දිමාල් වෙනුවට ආදේශක ක්‍රීඩකයා ලෙස පසිඳු සූරියබණ්ඩාර කණ්ඩායමට කැඳවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන ලදී.

    පසිඳු සූරියබණ්ඩාර: චන්දිමාල් වෙනුවට හදිසියේ ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවූ මැදපෙළ පිතිකරු කවුද?

    දිනේෂ් චන්දිමාල් ආබාධයට ලක්වීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායම සමග පළමු ටෙස්ට් තරගය වෙනුවෙන් ආදේශක ක්‍රීඩකයා ලෙස පසිඳු සූරියබණ්ඩාර කණ්ඩායමට කැඳවීමෙන් පසු ඉන්දීය කණ්ඩායමේ දෙවන ඉනිමේදී මැදපෙළ පිතිකරු රවීන්ද්‍ර ජඩේජා දුන් උඩපන්දුව රැක ගැනීමට පසිඳු සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉනිමේදී පන්දුවට පහරදීමට අංක 03 පිතිකරු ලෙස පිටියට පිවිසි පසිඳු, පළමු පන්දුවෙන් ම ලකුණු නොලබා දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිමෙනි.

  • ප්‍රොමිස් ඔකොරෝ තම එළුවා සමග මෝටර් රථයක සිට සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටී.

    'උපාධිය අවසන් කිරීම වෙනුවෙන් මට තෑගි ලැබුණේ එළුවෙක්: ඌ දැන් ප්‍රසිද්ධ තරුවක්'

    මෙම මාසයේ මුලදී උපාධි පාඨමාලාවේ අවසන් විභාග නිමවා ප්‍රොමිස් ඔකෝරෝ විභාග ශාලාවෙන් පිටතට පැමිණියේ, වෙන දා මෙන් වාර අවසානයේ පැවැත්වෙන සාමාන්‍ය සැමරුම්වලට සූදානම්ව ය. එහෙත් සෙනඟ මැදින් ප්‍රොමිස්ගේ මව චින්යෙරේ, එළුවෙකු ද සමග පැමිණියා ය. ඒ සමග ම, ඒ වන විටත් ප්‍රීතියෙන් පිරී තිබූ එම දහවල, ප්‍රොමිස් සහ ඔහුගේ මිතුරන්ගේ ජීවිතයේ අමතක නොවන මොහොතක් බවට පත් විය.

  • නවුෆර් මවුලවී

    පාස්කු ප්‍රහාරයේ 'මහමොළකරු' බව කී නවුෆර් මවුලවි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් අධිකරණයට කිව්වේ මොනවා ද?

    නවුෆර් මවුලවි විත්ති කූඩුවේ සිට සිය විත්ති වාචකය ඉදිරිපත් කරමින්, "ස්වාමීනි.... මෙම නඩුවෙන් මට චෝදනා එල්ල කරලා තිබෙනවා, පාස්කු ප්‍රහාරය සිදු කළ සහරාන්, වස්තුන්, ඉන්සාබ්, ඉල්හාම් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාරකයින් ඇතුළු නව දෙනෙකු සමග තමන් එක්ව ජාතික එකමුතුව බිඳ හෙලමින් අන්තවාදය හා ත්‍රස්තවාදය උත්සන්න වන ආකාරයේ ක්‍රියාවන් සිදුකළ බවට... එම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මට එරෙහිව මේ නඩුව තුළින් චෝදනා 940 ක් එල්ල කර තිබෙනවා. මේ සියලු චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා," යනුවෙන් සඳහන් කළේ ය.

කෙටි වීඩියෝ මඟහරින්න සහ කරන්න

කෙටි වීඩියෝ

  • පින්නවල සත්වෝද්‍යානයේදී ප්‍රථම වරට උපත ලැබූ හඳුන් දිවි පැටවුන් තිදෙනා
  • අවුරුදු 22කට පසු IVF ක්‍රමයෙන් නිවුන් දරුවන් ලැබූ අඹුසැමි යුවළක්
  • චීනයේ මාළු ඇල්ලීමේ තහනම ඉවත් කිරීමෙන් පසු බෝට්ටු 6,000කට වැඩි ප්‍රමාණයක් මුහුදු ගිය අයුරු
  • පීලි පැනීමෙන් පසු පැත්තකට ඇලවී ඇති දුම්රිය මැදිරියක් ඇතුළත
  • ඩොලර් බිලියනයක් රටින් පිට කිරීම: වාණිජ බැංකු 4ක නිලධාරීන් සිව් දෙනෙක් රිමාන්ඩ්
  • පැය 16ක් මුහුදේ අතරමංව සිටි පියෙකු සහ දරුවන් දෙදෙනෙක්
  • මඩුවන් ගහණයේ ඉහළ යාමකින් කැලිෆෝනියා වෙරළ තීරයන්ට බලපෑම්
  • පුද්ගලයෙකුගේ මුත්‍රාශයෙන් 3.1kg විශාල ගලක් හමුවේ
  • කඳුකර කොටියෙක් නිවසක සුරතලයට ඇති කළ බලු පැටවෙකු අල්ලා ගන්නා අයුරු
  • ඕනෑ ම අවස්ථාවකට සරිලන කෘත්‍රිම නහයවල් ඇති කාන්තාවක්
  • ආඝාතය සෑදී වසරකට පසු නව වින්ග්වෝකින් වාර්තාවක් තැබූ 97 හැවිරිදි කාන්තාව
  • 'The Odyssey' චිත්‍රපටයේ මැට් ඩේමන් වෙනුවෙන් ස්ටන්ට් ඩබල් කළ කාන්තාව

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

  • 
Indian ethnicity, lifestyle, girl, child, public park,

    ඔබේ දරුවා සෝෂල් මීඩියාවල 'ස්ටාර්' කෙනෙක් ද? නැත්නම් 'ගොදුරක්' ද?

    "අපේ පුතා කියන 'සත්‍ය බොහෝ ම කටුකයි' කියන වීඩියෝ එක වෛරල් යද්දී මම වයිෆ්ට කිව්වා මේක අපි අයින් කරමු කියලා. පස්සේ ඒ වීඩියෝ එක දැකලා පුතාගේ පෙරපාසල් ගුරුවරිය කතා කරලා කිව්වා ඒක අයින් කරන්න එපා කියලා. ඒ වගේ ම දරුවට දැන් මීඩියා ඉගෙන ගන්න අවස්ථාවකුත් ඒ නිසා ම ලැබිලා තියෙනවා," එම දරුවාගේ පියා බීබීසී සිංහල වෙත පැවසුවේ ය.

  • Sri Lanka's police

    'මත්ද්‍රව්‍ය පරික්ෂාවන් බව පවසමින්' පොලිසියට ඔබගේ ශරීරාංග ප්‍රසිද්ධ ස්ථානවලදී පරීක්ෂා කළ හැකි ද?

    "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාවේ තියෙනවා පුද්ගලයෙක් කුරිරු අමානුෂික වධ බන්ධනයන්ට ලක්වීම මූලික අයිතිවාසිකම් කඩවීමක් කියලා. මේ වධ බන්ධනය ශාරීරික වෙන්නත් පුළුවන්, මානසිකව වෙන්නත් පුළුවන්. ඒ වගන්තියේ ශාරීරික සහ මානසික කියන එක නිශ්චිතව දක්වලා තියෙනවා. කෙනෙක්ට ගහලා කරලා නැති වෙන්න පුළුවන් හැබැයි මානසිකව ඇදවැටෙන විදිහට නම් ඒ දේවල් කරලා තියෙන්නේ එතැනදී ප්‍රශ්නයක් තියෙනවා"

  • ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිවරයා ලෙස එරික් මේයර්

    කොළඹ නව ඇමෙරිකානු තානාපති එරික් මේයර් යනු කවුද?

    දකුණු සහ මධ්‍ය ආසියානු කටයුතු පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියෙකු වන එරික් මේයර්, තානාපතිවරයා ලෙස පත්වීමට පෙර ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍ය ආසියානු කටයුතු කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්යාංශ නිලධාරියා ලෙස කටයුතු කර ඇත.

  • මරණ දඬුවම සංකේතවත් කරන තොණ්ඩුව

    'හොඳ පපුවා'ගේ සිට අද දක්වා: මරණ දඬුවම ගැන ශ්‍රී ලංකාව තැබූ දීර්ඝ විරාමය අවසන් වෙයි ද?

    මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම සම්බන්ධයෙන් "රට ම එකට" ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමු වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (අගෝස්තු 10) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න කියා සිටියේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා වන 'අළුගෝසු' හෙවත් 'වධක' තනතුර සඳහා නිලධාරීන් දෙදෙනෙකු මේ වන විට බඳවා ගෙන ඇති බව ය.

  • ඉෂාරා සෙව්වන්දි අධිකරණය වෙත රැගෙන යමින්

    ගණේමුල්ල සංජීව ඝාතනය: රැඳවුම් නියෝග කාලය අවසන් කළ ඉෂාරා සෙව්වන්දිට අධිකරණය දුන් නියෝගය

    කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සැකකාරිය අද (අගෝ: 10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන හමුවට පමුණුවමින් දැනුම් දී තිබුණේ මෙම සැකකාරියට අදාළ රැඳවුම් නියෝග මේ වනවිට අවසන් වී තිබෙන බව ය. ඒ අනුව සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය දැනුම් දුන්නේ ය.

ජනප්‍රිය ලිපි