Showing posts with label Software Tutorials. Show all posts



අම්මෝ ඉඩම් ගැටලු නිසා මේ දවස්වල වලි.බොහොම අමාරුවෙන් තමයි ඉඩම සාමාජිකයන් අතරේ කෑලි කරගත්තේ.ඉතිං ඔහොම ඉන්නකොට මට මතක් වුණා කොහොමද කොම්පියේ ෆයිල් කෑලි කරන්නෙ කොහොමද කියලා.මම ඕක ඉන්ටන්නෙට් එකේ සර්ච් කරල කොහොම හරි හොයා ගත්ත.අපිට තියෙන එක ගැටලුවක්නේ ලොකු ෆයිල් ඉමේල් වලින් සෙන්ඩ් කරන්න බැහැනේ.ඒකට විසදුමකුත් තමයි මේ splitt කිරිල්ල.මම අද ආවෙ ඔයාලට මේක කොහොමද කරන්නෙ කියල කියල දෙන්න.එහෙනම් වැඩේ පටන් ගනිමු.

මුලින්ම 7z software මෘදුකාංගය තමන්ගේ පරිගණකයට ගැලපෙන පරිදි පහත බට්න් එකින් බාගන්න.


ඊට පස්සෙ සාමාන්‍ය මෘදුකාංගය ඉන්ස්ටොල් කරගන්න ආකාරයට ඉන්ස්ටෝල් කරගන්න.

දැන් කරන්න තියෙන්නෙ හොදම කොටස.හරි ලේසියි.splitt කරන්න යන ෆයිල් එක ළඟට යන්න.ඊට පස්සෙ එය මත Right Click කර 7zip මෙනුවේ submenu එකක් විදියට උඩින්ම තියන add to archive තෝරන්න.

ඊට පස්සෙ අලුත් ඩයලොග් බොක්ස් එකක් ඒවි.ඒකෙ පහත පරිදි තොරතුරු සකස් කරන්න.

Archive - ෆයිල් එකේ නම
Archive Format - 7z
Compression level - Normal
Compression method - LZMZ
Dictionary Size - 16mb
Word size -  32
Solid block size - 4mb
Number of CPU threads - 2/2

ඊට පස්සෙ ඔය ඩයලොග් බොක්ස් එකේ යටින් ඇති splitt to volumes ,bites කියල.ඒකෙන් තමයි අපේ වැඩේ කෙරෙන්නේ.එතන දාන්න තියෙන්නෙ අපි splitt කරන ෆයිල් එකේ එක කොටසක තිබිය යුතු sizes ටික.හරියට කැබලි කරන ඉඩමක තිබිය යුතු පරිචස් ගාන වගේ.දැන් හොදටම තේරුණානේ.

ඕක පරිස්සම කරන්න ඕනනම් ඔයාලට මුර පදයකුත් දාන්න පුලුවන් Encryption tab එකේ ඒ කොටස ඇති.ඒවනම් මම කියන්න වැඩැක් නැහැනේ.ඔයාල දන්නවනේ.

අන්තිමේට කරන්න තියෙන්නෙ OK ක්ලික් කරන්න.වැඩේ හරි.

දැන් තියන පුරශ්නෙ කොහොමද මේ කොටස් කරපු ෆයිල් එක එකතු කරන්නෙ කියල.ඒකට කරන්න තියෙන්නෙ splitt කරපු ෆයිල් එකේ පළමුවන ෆයිල් එක රයිට් ක්ලික් කරල 7z  මෙනුවේ extract here තෝරන්න.ඔන්න එහෙනම් ඒකත් කිව්වා.එහෙනම් මම ගියා.





මම අද කියන්න යන්නෙ ඔයාලට පුංචි රහසක්.මේක මම දැනගත්තෙ රනුල් කියන යාලුවෙක්ගෙන්.මේ පට්ට වැඩේ මට ඔයාලට කියල දෙන්න හිතුන.ඔන්න වැඩේ කරමු නේ.

මේ වැඩේ කරන්න අපිට මෘදුකාංග දෙකක් අවශ්‍ය වෙනවා.VIBER සහ Bluestack App Player. VIBER.මෘදුකාංගය  හදල තියෙන්නේ Android ඩිවයිස් සදහා.ෆෝන් එකක් තියෙනවනම් ඉතින් කෙලින්ම බාන්න පුළුවන්.එත් ඉතින් හැමෝටම නැනේ.ඒක නිසා අපි බලමු මේක කොහොමද පරිගණකයට දාගන්නේ කියලා.මුලින්ම මෙන්න මෙතනින් වයිබර් එක ඩවුන්ලෝඩ් කරගන්න.

Download



Android phone,tablet තියෙන අය කෙලින්ම ඕක ෆෝන් එකට දාල නෙට් කනෙක්ට් කරලා වැඩ කරන්න පුළුවන්.





දැන් අපිට Viber මෘදුකාංගය විතරක් තියාගෙන වැඩේ කරන්න බැහැනේ.ඉස්සෙල්ලා කිව්ව වගේ Bluestack App Player කියන එකත් ඕන..ඒක හදල තියෙන්නේ Android App පරිගණකයේ රන් කරන්න.හැබැයි මේක රන් කරන්න නම් Windows XP Service Pack 3,Windows 7,Windows Vista,Windows 8 කියන OS වලින් එකක් තියෙන්න ඕනා. ඒවායින් එකක් තියෙනවනම් මෙන්න මෙතනින් ප්ලේයර් එක ඩවුලෝඩ් කරගන්නකෝ.

Download


දැන් ඔයාලට කරන්න තියෙන්නෙ අපි ඩවුන්ලෝඩ් කරගත්තු Viber මෘදුකාංගය Bluestack App Player එකේ රන් කරන්න.මේ මතක ඇතුව මේ සියලුම දේවල් කරන්න ඕන ඉන්ටර්නෙට් සම්බන්ධයක් තියන තැනකින්.දැන් ඉතින් ඕන තරම් කෝල් ගන්න.SMS යවන්න.




හම්මේ ගොඩාක් කාලෙකින් නේ තොරතුරු තාක්ෂණ ලිපියකින් හමුවුණේ.මේ දවස්වල ගොඩාක් වැඩ තිබුණා.අනික මොකක්ද දෙන්නෙ කියල හිතාගන්න බැරුව හිටියේ.කොහොමහරි හිතල හිතල ඔයාලට අවශ්‍යම ටියුට් එකක් උගන්නන්න හිතාගෙනයි මේ ලිපියට අතගැහුවේ.වැඩිය කතානැතුව වැඩේට බහිමු.

උපසිරැසි සැකසීම

මේක ඔයාලට කරන්න වෙන දෙයක්.මුලින්ම කරන්න තියෙන්නෙ චිත්‍රපටයක ඩිජිටල් පිටපතක් සොයාගන්න එක.ඔයාලට කරන්න තියෙන්නෙ කඩවල් වල තියෙන ඔනෑම චිත්‍රපට ඩීවීඩී එකක් අරගෙන එය පරිගනකයට කොපි කරන එක.සාමාන්‍යෙයන් සෑම චිත්‍රපට ඩීවීඩී එකකම ඩිජිටල් පිටපත තියනවා.හැබැයි ඒ පිටපත වින්ඩෝස් මීඩියා ප්ලෙයරයේ දාවනය වෙනවද කියල තහවුරු කරගන්න ඕන.ඒ කියන්නෙ කම්පැටිබල් ෆයිල් ෆෝමැට් එකකින් තිබේදැයි තහවුරු කරගන්න එක.එහෙම වැඩ කළේ නැති වුනොත් වෙනත් ෆෝමැට් එකකින් එය වැඩ කළ යුතුය.එය පරීක්ෂා කර බැලීම සදහා නොමිලේ දෙන වී එල් සී මීඩියා ප්ලෙයරය (videolan.org/vlc/index.html) නැත්නම් ජෙට් ඕඩියෝ ප්ලෙයරයද (jetaudio.com/download) එසේත් නොවේනම් කේඑම් ප්ලෙයරයද (kmpmedia.net) ඔය දී ඇති ලින්ක් වලට ගිහිල්ල ඩවුන්ලෝඩ් කර ගන්න.ඩවුන්ලොඩ් කරගෙන එය ධාවනය වෙනවද කියල තහවුරු කරගන්න.

ඊට පස්සෙ කරන්න තියෙන්නෙ චිත්‍රපටයේ ඉංග්‍රීසි උප සිරැසි සොයාගන්න එක.පමණක් චිත්‍රපට ඇතුළත් ඩීවීඩී වල නම් එම චිත්‍රපටයේ ඉංග්‍රීසි උප සැරැසි තියනවා.මම මේ කියන්න යන්නෙ එහෙම ඩීවීඩී වල නැති අයට ඒක කොහොමද හොයා ගන්නෙ කියලා.ඒ සදහා (subscene.com) හෝ (opensubtitles) යන වෙබ් අඩවිවලින් උප සිරැසි ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.ඒ අඩවියට පිවුසුනාම පස්සෙ උඩ තියන සර්ච් බොක්ස් එකේ තමන්ගේ චිත්‍රපටයේ නම ටයිප් කරන්න.ඊට පස්සෙ පෙන්නන උපසිරැසි ලැයිස්තුවෙන් කැමති එකක් තොරගන්න.ඔය උපසිරැසි අතරින් Exact යටතේ ඇති උපසැරැසි ඩවුන්ලෝඩ් කරගත්තොත් හොදයි.ඩවුන්ලොඩ් වුනාම පස්සෙ ඩවුන්ලෝඩ් ෆෝල්ඩරයෙ සිප් ෆයිල් එකක් පෙන්නාවි.එය විවෘත කරගත් පසු .srt එක්ස්ටෙන්ෂන් එක යටතේ ෆයිල් එකක් පෙන්නාවි ඒක තමයි උපසිරැසි ෆයිල් එක.එය කොපි කරගෙන අප විසින් මුලින් හොයාගත්ත චිත්‍රපටයේ ඩිජිටල් කොපිය ඇති ෆෝල්ඩර් එකට කොපි කරගන්න.ඊට පස්සෙ උපසිරැසි ෆයිල් එකට චිත්‍රපටයේ මීඩියා ෆයිල් එකේම නම යොදන්න.රයිට් ක්ලික් කරල රීනේම් කරන්න.(දෙකේ පන්තියේ අයට කිව්වේ).

ඊට පස්සෙ ඩවුන්ලෝඩ් කරගත්ත උප සිරැසි ෆයිල් එක නෝට් පෑඩ් එකෙන් ඕපන් කරගන්න.ඒක කරන හැටි කියන්න වැඩක් නැහැනේ.නෝට් පෑඩ් එකෙන් ඕපන් වුනාම වෙනදට වඩා විශේෂත්වයක් දැනේවි.ඕපන් කරාම නොට් පෑඩ් එකේ උප සිරැසි ඇති පේළි,එහි 1,2,3, ආදිය වශයෙන් තිබේ.චිත්‍රපටය ධාවනයවීම ආරම්භ වූ වෙලාව 0 ලෙස සලකා ගෙවී යන කාලය සටහන් කොට තිබේ.ඊට පහළින් ඇත්තේ චිත්‍රපට රාමුවේ වේලාවකදී උප සිරැසි වශයෙන් පෙන්විය යුතු වාක්‍යයි.මෙම උප සිරැසි සටහනේ ඉලක්කම් වෙනස් නොකළ යුතුය.එහිදී කාලය දැක්වෙන කොටස්ද වෙනස් නොකළ යුතුය.වෙනස් කළ යුත්තේ ඉංග්‍රීසියෙන් දක්වා ඇති උපසැරැසි සිංහලෙන් ලියන එකයි.ඔය සිංහලට හරවන එක කරන්න පුලුවන් ඉංග්‍රීසි දන්න කෙනෙකුට විතරයි.ඔකෙදි සිංහලින් ටයිප් කිරීමට යොදාගන්න ඕන සිංහල යුනිකෝඩ් අකුරු.ඒක සියබස් වෙබ් අඩවියෙන් (siyabas.lk) ඩවුන්ලෝඩ් කරගන්න.ඔය විදියට සිංහලෙන් උපසිරැසි සකස් කරල File මෙනු එකෙන් Save as ක්ලික් කරන්න.ඊට පස්සෙ ෆයිල් නේම් එඑකට නමක් දාන්නෙ නැතුව තියන එකම තියෙන්න දෙන්න.ෆයිල් ටයිප් එකට All Files යන්න තෝරන්න.මෙහි ඇති එන්කෝඩින් යන්නෙන් තෝරාගත යුතු වන්නේ UTF-8 යන්නය.එය සියල්ල ඉවරවුනාම සේව් කරන්න

චිත්‍රපට උපසිරැසි ඇතිව ධාවනය කිරීම

අපි කිව්වනේ සිංහල උපසිරැසි ෆයිල් එක චිත්‍රපටයේ ඩිජිටල් කොපියේ නමින්ම එම ෆෝල්ඩරේම කොපි කරන්න කියල.දැන් ඔයාල චිත්‍රපටය ඕනෑම ප්ලෙයරයකින් ධාවනය වුනාම අර සිංහල උප සිරැසිත් එක්ක පෙනේවි.මොකක්හරි වෙලා උප සිරැසි පෙනුනෙ නැතිවුනොත් ප්ලෙයරයේ සෙටිංස් වලින් සබ් ටයිට්ල් ට්රැක් එක තෝරා දීමයි.ඊට පස්සෙ තියෙන්න ෆුල් ජොලියෙ චිත්‍රපටය බලන්න.ආ තවම ඉවරනෑ.ඔයාලට ඔනනම් ඔය උප සිරැසිවල ෆොන්ට් තෝරාගැනීමද,ෆොන්ට් සයිස් තෝරා ගැනීමද,මීඩියා ප්ලෙයරයේ සෙටිංස් මගින් කළ හැක.මෙ වැඩේට පාවිච්චි කරන්න ඕන මීඩියා ප්ලෙයරය.

උපසිරසි සංස්කරණය කිරීම

අපි දැන් කියල දෙන්න යන්නෙ උපසිරැසි සංස්කරණය කරන්නෙ කොහොමද කියලා.ඕක කරන්න නම් මුලින්ම www.aegisub.org එකට පිවිසිලා ඩවුන්ලොඩ් ලින්ක් එක හරහා ඊජිසබ් මෘදුකාංහය ඩවුන්ලෝඩ් කරගන්න.ඊට පස්සෙ ඒක ඉන්ස්ටොල් කරගන්න.ඊට පස්සෙ ඒක ඕපන් කරගන්න.මේව කරන විදිය මම කියල දෙන්න ඕන නැහැනේ.

ඔන්න ඊජිසබ් මෘදුකාංගය විවෘත කරගෙන File මෙනු එකෙන් Open Subtitles යන්න ක්ලික් කරන්න.ඊට පස්සෙ අපේ උපසිරැසි ෆයිල් එක තෝරා විවෘත කරගන්න.ඊට පස්සෙ අපි ඉස්සෙල්ලා උපසිරැසි නෝට් පෑඩ් එකෙන් ඕපන් කරා වගේ මේකෙත් ඕපන් වෙලා තියේවි.මේකෙ කාල රාමු හා ඒවායේ උපසිරැසි දැක ගැනීමට හැකිවේවි.ඔතනදි උපසිරැසි වලට සිංහල යුනිකෝඩ් භාවිතා කරල වෙනම උපසිරැසි යොදන්න.එවිට ඔබට ඉංග්‍රීසි උපසිරැසි වෙනුවට සිංහල උපසිරැසි යොදාගන්නට පුලුවන්.

මේ පහළින් තියන එකකරන්න ඕන උප සිරැසි සොයාගන්න බැරි වුණ අය පමණයි.සොයා ගත්ත අය ඉහත කී ආකාරයට තටයුතු කරන්න.

අලුතින් උපසිරැසි යෙදීම

අලුතින් උප සිරැසි යොදන්නනම් චිත්‍රපටයේ ඩිජිටල් කෙපිය ඊ්ජිබස් මෘදුකාංගය ඕපන් කරගන්න ඕන.ඔපන්විත් එකෙන් ඕව දන්නවනේ.එහෙම නැත්නම් ඊජිබස් මෘදුකාංගයෙන් Video මෙනු එකෙන් Open Video යන්න ලබාගෙන චිත්‍රපටය විවෘත කරගන්න.ඊජිසබ් වින්ඩෝවේ කුඩා ප්‍රමාණයේ චිත්‍රපට හෙවත් එම වීඩියෝ පෙනේ.එසේ වීඩියෝ දැක ගත හැකි තැනට පහළින් තිබෙන Play Video Starting On This Position යන බට්න් එක ක්ලික් කරන්න.නවත්තන්න ඔන උනොත් ඒකමයි ක්ලික් කරන්නෙ.

අලුතින් උපසිරැසි යොදන කරන්න වෙන දෙයක් තමයි කාල රාමු යොදන හැටි අපි දැන් ඒක කරන්න තමයි හදන්නෙ.මුලින්ම චිත්‍රපටයේ ඩිජිටල් වීඩියෝව ඊජිබස් මෘදුකාංගයේදී ධාවනය කළ යුතය.ඉස්සෙල්ලා කිව්වනේ වීඩියෝව ධාවනය කරන හැටි.ඊට පස්සෙ එම වීඩියොව තාවකාලිකව නතර කළයුතුය.ඒ කියන්නෙ pause කියන එක.ඒක කරන හැටිත් ඉස්සෙල්ලා කියල දුන්නා.අමතක නම් මේ චේදෙට ඉස්සෙල්ලා ඡේදය කියවන්න.පෝස් කරාම පස්සෙ timing මෙනු එකෙන් snap start to video යන්න ක්ලික් කරන්න.මේ විදියට උප සිරැසි කොටසක ආරම්භවෙන වෙලාව ලබාගත් පසු එම වේලාව දක්ණු පසින් ඇති Start Time බොක්ස් එක තුළ දැක ගත හැකිය.ඊට පස්සෙ කරන්න තියෙන්නෙ උප සිරැසි කොටස අවසන් විය යුතු තැනට වීඩියෝව ධාවනය කිරීමයි.අවශය තැන නැවැත්වූ පසුව පෙන්වන්නේ අවසන් වූ තැන වෙලාවයි.එම දත්තය ලබා ගැනීම සදහා Timig මෙනු එකෙන් Snap End to Video යන්න ක්ලික් කරන්න.ඊට පස්සෙ වැඩේ ඉවරයි.

දැන් කාල රාමු හදන හැටි ඉගෙන ගත්තනේ.දැන් කියල දෙන්න යන්නෙ උපසිරැසි කොහොමද යොදන්නෙ කියලා.ඒකට දකුණු පසින් ඇති ටෙක්ස් බොක්ස් එක ක්ලික් කර උපසිරැසි ඇතුළු කරන්න.ඊට පස්සෙ යෙක්ස්ට් බොක්ස් එකට ඉහළින් ඇති Commit නම් බට්න් එක ක්ලික් කරන්න.ඊට පස්සෙ ඉස්සෙල්ලා කියල දීපු විදියට ආයෙමත් කාල රාමුවක් හදල මේ විදියට උප සිරැසි යොදන්න තියෙන්නෙ.මේක වෙලා යන වැඩක්.ඉවසීමෙන් වැඩ කරන්න.

පමණක් අය වැඩ දාන්න බලනවනේ.මේ කියල දෙන්න යන්නෙ ඒ වැඩ දාන්න කැමති අයට.දැන් අපි කියල දෙන්න යන්නෙ උපසිරැසි හැඩ ගන්වන්නෙ කොහොමද කියලා.ඒකට ටෙක්ස්ට් බොක්ස් එකේ ඉහළින් ඇති ටූල් බාර් එකේ Bold,Italic,Underline බට්න් ක්ලික් කර හැඩ ගැන්විය හැක.


වීඩියෝ එකේ ඕනෑම තැනක,ඕනෑම ෆොන්ට් සයිස් එකකින් උප සිරැසි පිහිටුවීමට පුළුවන.ඒවා කරන්න පුළුවන් ටූල් වීඩියෝ එකේ වම් පැත්තට වෙන්න උප අතට ඇති.දැන් ඒවා හදුනගනිමු.Drag Subtitles කියන එකෙන් පුළුවන් උපසිරැසි කොටස අවශ්‍ය තැනකට ඇදගෙන ගිහිල්ල තබන්න.Rotate Subtitle on their z axis මගින් පුළුවන් අපසිරැසි අවශ්‍ය පැත්තකට හරවා ගන්න.Scale subtitles on X and Y axes මගින් පුළුවන් උපසිරැසි වල ප්‍රමාණය වෙනස් කරන්න.ඒකට අවශය උපසිරැසි කොටස සිලෙක්ට් කර ,අදිමින් එහි ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්.අර වර්ඩ් වලය් පොටෝෂොප් වලයි පොටෝ ලොකු කරන විදියට.

ඔය ඔක්කොම කළාට වැඩක් නැහැනේ උපසිරැසි සේව් කරන්න දන්නෙ නැතුව.ඒකට File මෙනු එකෙන් Save Subtitles  යන්න ක්ලික් කරන්න.ඊට පස්සෙ එන ඩයලොග් බොක්ස් එකේ සදහන් වෙනව සේව් කළ යුතු තැන.ඒකට දාන්න ඕන චිත්‍රපටයේ ඩිජිටල් කොපිය තියන ෆයිල් එක.සේව් කරන කොට චිත්‍රපටයෙ ඩිජිටල් පිටපත රීනේම් කරපු නමම යොදන්න.දැන් සේව් බටන් එක ක්ලික් කරන්න.ඊට පස්සෙ කරන්න තියෙන්නෙ චිත්‍රපටයෙ ඩිජිටල් කොපිය ප්ලේ කරන එක.ඊට පස්සෙ මේ අපි විසින් කරපු වැඩේ තමාගෙ ඇස් පනාපිටම බලාගන්න පුළුවන්.

ඔන්න දැන් තමයි හොදම වැඩේ.ඔයාලට තියෙන්නෙ පොඩි වැඩයි.රු.5000 ක් මගේ බෑන්ක් එකවුන්ට් එකට බැර කරන්න.මම ගියා.කමෙන්ට් එකක් මතකයිනේ.












ආ දැන් අපිට හොද ප්‍රේක්ෂක පිරිසක් ඉන්නව දැන්.අපි ගියපාර කිව්වනේ මේ පාරත් මෘදුකාංගයක් ගැන කියල දෙනව කියලා.අද කියන්න යන්නේ අපේ කොම්පියුටරේ තියෙන ෆොටෝ එකම තැනකට අරගෙන.ස්ලයිඩ් ශෝ එකක් හදීමට පුලුවන් සෙෆ්ට්වයාර් එකක් ගැන.ඒ තමයි පිකාසා.පිකාසා කියන්නේ ගූගල් ආයතනයෙන් නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්.පිකාසා වලින් වැඩ ගොඩාක් කරගන්න පුලුවන් ඒවා ඉස්සෙල්ලා කියලම වැඩේ පටන් ගමු.

1.තෝරාගත් ඡායාරූප යොදාගෙන ස්ලයිඩ් ෂෝ සහ ප්‍රෙසන්ටේෂන් සෑදිය හැකිවීම.

2.පරිගණකයේ සියලුම ෆෝල්ඩර්ස්වල ඇති ඉමේජ් එකම තැනකදී එම ෆෝල්ඩර්ස් සමඟ පෙන්වීම

3.මෙම ඡායාරූප තෝරා සංස්කරණය කර ගත හැකි වීම

4.ඡායාරූප ඇල්බම් හෝ වීඩියෝ ක්ලිප් සාදා ඒවා සීඩී/ඩීවීඩී ප්ලේයරයකින් බැලිය හැකි සේ CD/DVD තුළ තැන්පත් කළ හැකිවීම

5.ඡායාරූපයක් ඇසුරෙන් ස්ක්‍රීන්සේවර් සාදාගත හැකිවීම

6.තෝරාගත් ඡායාරූප හෝ ප්‍රසන්ටේෂන් වෙබ් අඩවි වෙත එක කරගත හැකිවීම.

ඔයාලට picasa.google.com යන ලින්ක් එකට ගිහිල්ලා අපට අවශ්‍ය පිකාසා මෘදුකාංගය ඩව්න්ලෝඩ් කරගන්නට පුළුවන්.ඒක වෙන ඒව වගේම ඉන්ස්ටෝල් කරගන්න.ඊට පස්සෙ All Programs-Picasa-Picasa 3 ඔස්සේ යන්න.එවිට විවෘත වෙන්නේ පිකාසා ඩයලොග් බොක්ස් එකයි.එයින් ඡායාරූප ලබා ගන්නේ කුමන ස්ථානවලින්ද යන්න තේරිය හැක.එහිදී Only search My Documents,My Picturs,and the Desktop යන්න තෝරා ඇත්නම් පිකාසා මෘදුකාංගය එම ෆෝල්ඩර්වල ඇති ඡායාරූප පිකාසා වැඩසටහන වෙත ලබාගනී.එසේ නොමැති නම් මෙහි ඇති search my whole computer for picture යන්න තේරීමෙන් හාඩ් ඩිස්ක් එක තුළ ඇති සියලු රූප පිකාසා වැඩසටහන වෙත ලබාගත හැක.ඉහත සඳහන් කළ දෙකින් ඕන එකක් තෝරා continue නම් බට්න් එක ක්ලික් කරන්න.ඉන්පසුව පිකාසා ඩයලොග් බොක්ස් එකෙහි මිළඟ පිටුවට පිවිසිය හැක.එහිදී පරිගණකයේ ඇති සියලු රූප මත ඩබල් ක්ලික් කර,විවෘත කරන විට ඒවා පිකාසා වැඩසටහන හරහා විවෘත වීමට සැලැස්විය හැක.මෙය ඉතා ආකර්ශනීයව හා පහසුවෙන් රූප බැලීම සඳහා තේරීමකි.ඊට අකමැති නම් මෙහි පහළින් ඇති Don’t Use Picasa Photo viewer යන්න සිලෙක්ට් කරන්න පුලුවන්.මෙම ඩයලොග් බොක්ස් එකෙහි ඇති finish නම් බට්න් එක ක්ලික් කිරීමෙන් විවෘත වෙන්නේ පිකාසා ඇප්ලිකේෂන් වින්ඩෝවයි.එහි වම්පසින් ඇත්තේ ෆෝල්ඩර් ලිස්ට් එකයි.එම වින්ඩෝවේ මැද කොටස් කුඩාවට ෆෝල්ඩර් තුළ ඇති රූප පෙන්වයි.

දැන් අපි ඉගෙනගන්න යන්නේ රූප අඩංගු ෆෝල්ඩරයක් කොහොමද තොරා ගන්නෙ කියලා.අපි ඉස්සෙල්ලා කිව්වනේ වම්පසින් ෆෝල්ඩර් ලිස්ට් එකක් තියනවා කියලා.එහෙත් මැද කොටසේ කුඩාවට පෙන්වන්නේ අර ෆෝල්ඩර්වලට අනුවයි.මේ නිසා විවිධ ස්ථානවල ඇති ෆෝල්ඩර් අතුරින් අවශ්‍ය රූප සහිත ෆෝල්ඩරය තෝරා එහි තිබෙන රූප බැලිය හැක.පරිගණකයේ රූප අඩංගු ෆෝල්ඩර් මෙම ෆෝල්ඩර් ලිස්ට් එකේ නොපෙන්වයි.ඔබට රූප ලබාගැනීමට File මෙනු එක තුළින් Add folder to Picasa යන්න මත ක්ලික් පාරක් දාන්න.ඉන්පසුව විවෘත වෙන්නේ folder manager ඩයලොග් බොක්ස් එකයි.එහි වම්පසින් ඇති Folder List නම් ඩයලොග් බොක්ස් එක තුළින් පරිගණකයේ ඇති ෆෝල්ඩර්ස් පෙන්වයි.එහිදී නිල් පාටින් ඇති රවුමක් වගේ ඊතල දැකිය හැකිය.ඒවා දැනට පිකාසා තුළ රූප පෙන්වන ෆෝල්ඩරය.ඒවා පිකාසා වැඩසටහන විසින් නිතර පරීක්ෂා කරයි.ඒවාට අලුත් රූප එකතු කළ විට ඒවාද පිකාසා වල පෙන්වයි.මෙහි කොළ පැහැති හරි ලකුණ ඇති ෆෝලඩර් පරීක්ෂා කරුනුයේ එක්වරක් පමණි.අපි ඒ ෆෝල්ඩර් වලට අලුත් රූප එකතු කළොත් ඒවා නොපෙන්වයි.රතු පැහැති කතිර ලකුණකින් පෙන්වන්නේ දැනට රූප නොපෙන්වන ෆෝල්ඩරය.ඔයාලට මේකෙ රූප පෙන්වන ෆෝල්ඩරයක් පිකාසා වලදි අවශ්‍ය නොවේනම් Folder List එක තුළින් සිලෙක්ට් කරල දකුණු පසින් ඇති Remove From Picasa යන්න තෝරා දෙන්න.

ඡායාරූපවලට ඉෆෙක්ට් යොදමු

දැන් අපි ඡායාරූප පිකාසා වලට ඇඩ් කරගත්තනේ.දැන් හදන්නේ ඒවාට ඉෆෙක්ට් දාන්න.ඡායාරූප වරණයට සහ ආලෝකයට අදාළ විවිධ සැකසුම් කීහිපයක් කරගැනීමට පිකාසා වලින් ඉඩ ලබා දී ඇත.මෙම වෙනස්කම් කිරීමට අවශ්‍යනම් ඡායාරූප අඩංගු ෆෝල්ඩරය සිලෙක්ට්ව තිබියදී පිකාසා වින්ඩෝවේ ඇති අවශ්‍ය රුපය ඩබල් ක්ලික් කරන්න.එවිට ඒ රූපය තනි පිටුවකින් විවෘත වේවි.එහිදී පිකාසා වින්ඩෝවේ වම්පසින් ඇති ටාස්ක් එක මඟින් රූපය සඳහා අවශ්‍ය වෙනස්කම් කළ හැක.ඒකෙ රූපයට අදාළ වෙනස්කම් කරන්න ටැබ් තුනක් තියනවා

ඒකෙ මුලින්ම තියෙන්නේ Basic Fixes ටැබ් එකයි.ඒක සිලෙක්ට් කළොත් ඒකෙන් වෙනස් කළ හැකි වෙනස්කම් පෙන්වයි.එයින් ඔන එකක් ක්ලික් කර රූපයේ වෙනස්කම් කළ හැකියි.

මෙහි දෙවැනියට ඇත්තේ Tuning ටැබ් එකයි.එය සිලෙක්ට් කළොත් Fill Light,highlights,shadows and Colour Temperature ලෙස රූපයේ ආලෝකය හා වර්ණ තීබ්‍රතාව වෙනස් කළ හැකි හැඩ්ල් කීපයක් ඇත.මේවා එහා මෙහා කිරීමෙන් ඒවා වෙනස් කළ හැකිය.

තුන්වෙනියට ඇත්තේ Effects ටැබ් එකයි.එමඟින් රූපය වර්ණ ආකාරවලට වෙනස් කළ හැකිය.ඕකත් හරියට MSWord වල පොටෝ එකේ වර්ණය වෙනස් කරනව වගේ.ඕකෙ පුලුවන් රූපයේ කොටසක් බොද කරන්න.රුපයේ කොටසක් පමණක් කළු සුදු කරන්නත් පුලුවන්.හරියට photoshop වගේ.Effect ටැබ් එක ක්ලික් කරාම Sharpen,Serpia,B and W,Tint වැනි බට්න් ක්ලික් කිරීමෙන් රූපයේ වෙනස් කම් කළ හැකිය

ස්ලයිඩ් ෂෝ වීඩියෝ බවට හරවමු.

අපි ස්ලයිඩ් ෂෝ වීඩියෝ කරන්න කලින් සලයිඩ් ෂෝ එකක් හදන්න එපැයි නේ.ඒකට ෆෝල්ඩර් පිස්ට් එකෙන් අවශ්‍ය ඡායාරූප ටිකක් තෝරා ගන්න.දැන් පහළින් ඇති ටූල් බාර් එකෙන් Movie නම් බට්න් එක ක්ලික් කරන්න.එවිට Movie Maker ටැබ් එක විවෘත වෙයි.එහිදී සල්යිඩ් අතර මුලින්ම ඇත්තේ කළු පැහැති ස්ලයිඩ් එකකි.ඉමේජයේ නම එහි නම ලෙස තිබේ.එය ප්‍රසන්ටේසන් එකේ පළමු පිටුවයි.පළමු සල්යිඩ් එකේ නමේ අකුරු වලට වෙනස්කම් කිරීමට අවශ්‍යනම් Movie Maker ටැබ් එක තුළ වම් පසින් ඇති Slide නම් බට්න් එක ක්ලික් කර අවශ්‍ය වෙනස්කම් කරන්න.ස්ලයිඩ් ෂෝ එක අතරතුර හෝ අවසානයේ අකුරු පමණක් ඇති තවත් ස්ලයිඩ් එකක් ඇතුළත් කරගැනීමට නම්,මුලින්ම පහළින් ඇති ස්ලයිඩ් සියල්ල දැක්වෙන ස්ථානයෙන් අකුරු ඇතුළත් කිරීමට අවශ්‍ය ස්ථානයට වම් පසින් ඇති ස්ලයිඩ් එක සිලෙක්ට් කරන්න.දැන් වම් පසින් ඇති Add a new text slide නම් බට්න් එක ක්ලික් කොට අකුරු පමණක් ඇති තවත් ස්ලයිඩ් එකක් ඇතුළු කරගත හැක.ආ කියන්න අමතක වුණා.ස්ලයිඩ් වල පිළිවෙල වෙනස් කරන්න අවශ්‍ය නම් පහළින් සියලු ස්ලයිඩ් කුඩාවට දැක්වෙන ස්ථානයෙන් අවශ්‍ය ස්ලයිඩ් එක මත ක්ලික් කර එම අලුතින් තිබිය යුතු තැනට ඇද දමන්න.

ස්ලයිඩ් මාරුවන ඇනිමේෂන් එක වෙනස් කරන්න අවශ්‍ය නම් movie නම් ටැබ් එක සිලෙක්ට් කර Transition Style නම් ඩ්‍රොප් ඩවුන් මෙනු එක ක්ලික් කර අවශ්‍ය ස්ලයිඩ් ට්‍රාන්සිෂන් එක තෝරා ගන්න.මෙය ක්‍රියාත්මක වන ආකාරය බැලීම සඳහා මුලින් විස්තර කළ ආකාරයට ස්ලයිඩ් ෂෝ එක ධාවනය කර බැලිය හැක.Slide Transition style නම් කොටසට පහළින් තිබෙන Slide Duration නම් ටැබ් එක භාවිතා කර ස්ලයිඩ් එකක් තිරය තුල දැකිය හැකි කාලය වෙනස් කළ හැක.

ස්ලයිඩ් ෂෝ එකට වාදනයක් එක් කිරීමට අවශ්‍ය නම් movie නම් ටැබ් එක සිලෙක්ට් කර audio track නම් ස්ථානයෙන් load බට්න් එක ක්ලික් කරන්න.එවිට Open ඩයලොග් බොක්ස් එක විවෘත වෙයි.ඒකෙන් අවශ්‍ය එකක් තොරා දෙන්න.

ස්ලයිඩ් ෂෝ එක වීඩියෝ ක්ලිප් එකක් සේ සේව් කර ගැනීම

විඩීයෝ ක්ලිප් එකක් සෑදීමේදී එහි තීරයේ ප්‍රමාණය වැදගත්ය.movie ටැබ් එක සිලෙක්ට්ව තිබියදී Dimension නම් ස්ථානයේ ඩ්‍රෝප් ඩව්න් මෙනු එකෙන් අවශ්‍ය ප්‍රමාණය තෝරන්න.ස්ලයිඩ් ෂෝ එක වීඩියෝ ෆයිල් එකක් සේ සේව් කරගැනීමට Movie බට්න් එක සිලෙක්ට්ව තිබියදී Create Movie නම් බට්න් එක ක්ලික් කරන්න.එය සේව් උනාම My documents ෆෝල්ඩරය විවෘත කරගෙන එහි My Pictures-Picasa-Movies හරහා ගොස් සැකසුනු වීඩියෝ ක්ලිප් එක දැකගත හැකිය.

ස්ක්‍රීන් සේවර් එකක් හදමු.

මුලින්ම ඡායාරූප අඩංගු ෆෝල්ඩරය සිලෙක්ට් කරන්න.මෙහිදී මුලු ෆෝල්ඩරයේම තියෙන ඡායාරූප තෝරා ගැනේ.වෙනමම තෝරා ගත් නොහැක.දැන් Create මෙනුවෙන් Add to Screen Saver තෝරන්න.එවිට Display Properties ඩයලොග් බොක්ස් එකෙහිදී ලැබෙන ScreenSaver ටැබ් එක ලැබේවි.එහි Preview මගින් ස්ක්‍රීන් සේවර් එක ක්‍රියාත්මක වන ආකාරය බැලීමද wait තුළින් එය ආරම්භ කල යුතු වෙලාව සැකසීමද කළ හැක.දැන් මෙම ටැබ් එක OK කළ විට පරිගණකයේ ස්ක්‍රින් සේවරය බවට පත්වේ.

ෆෝල්ඩර් කීපයක රූප තනි ඇල්බමයකට ගනිමු


මේ සඳහා File මෙනු එකෙන් New Album යන්න ලබා ගන්න.එවිට විවෘත වෙන්නේ Album Properties ඩයලොග් බොක්ස් එකයි.එහි නේම් නම් ස්ථානයේ අලුත් ඇල්බම් එකේ නම සදහන් කරන්න.මෙම සැකසුම් කර OK බට්න් එක ක්ලික් කරන්න.ඉහත ආකාරයෙන් ඇල්බම් එකක් සාදාගත් පසුව ඡායාරූප ඇතුලත් කර ගැනිමටනම් ඡායාරූපය මත රයිට් ක්ලික් කර Add to Album යන්න තොරා ,ලැබෙන සබ්මෙනුව තුලන් අදාළ ඇල්බමයේ නම ක්ලික් කළ විට,එම රූපය අදාළ ඇල්බමය තුළ පෙන්වයි.මේ ආකාරයෙන් ඇල්බම් එකක් සාදාගත හැක

ස්ලයිඩ් ෂෝ එක නරඹමු

අපි තාම සලයිඩ් ෂෝ හැදුවට බලන්නෙ කොහොමද කියල ඉගෙන ගත්තෙ නැහැනේ.ඒ සඳහා පිකාසා වින්ඩෝවේ වම්පස ඉහළින් ඇති Play බට්න් එක ක්ලික් කරන්න.
ඔන්න දැන් තමයි හොදම හරිය.මගේ පන්ති ගාස්තුව දවසට 1000 යි.ඕක මගේ බෑන්ක් එකවුන්ට් එකට දාන්න.අපි ගියා.


තවම වීඩියෝ අන්තර්ජාලයට එක්කරන්න දන්නෙ නැති අය ඉන්නව ඇතිනෙ.ඔන්න ඒ වගේ අය ඉන්නවනම් මේක පොඩ්ඩක් කියවන්න.වීඩියෝ නැරඹීමට හා වීඩියෝ එක්කිරීමට පහසුව ලබාදෙන ජනප්‍රියතම වෙබ් අඩවිය වන්නේ යූටියුබ්ය.(www.youtube.com)
ඔන්න මේ සතියෙ පෝස්ටුවෙන් කියාදෙන්නේ කොහොමද වීඩියෝ මෙම අඩවියට එක් කරන්නෙ කියලා.මුලින්ම අපි යූ ටියුබ් එකවුන්ට් එකක් සාදා ගන්න ඕන.එක කරන්නෙ මෙහෙමයි.
යූ ටියුබ් වෙබ් පිටුවේ ඉහළ කෙළවරේ තියන Sign Up බට්න් එක ක්ලික් කොට Get Started With your Account වෙබ් පිටුවේ පේරමය පුරවන්න.ඒක කරන්නෙ මෙහෙමයි.Username කියන තැනට ලොගින් වෙන විට username හි පෙන්විය යුතු ඔබට අවශ්‍ය නමක් දාන්න.ඉන්පසුව Location යන්නට SriLanka යන්න තෝරන්න.වෙන රටකනම් ඉන්නෙ ඒ රටේ නම දාන්න.ඉනපසුව උපන්දිනය හා ස්ත්‍රී පුරුෂ බාවය තහවුරු කරන්න.ඉන්පසුව Current Email Adderss යන්නට ඔබගේ ඊ තැපෑලේ ලිපිනය එක්කරන්න.ඉන්පසුව සුදුසු පාස්වර්ඩ් එකක් දෙන්න.ඉන්පසුව එය නැවතත් ටයිප් කරන්න.Word Verification යන්නට දක්වා ඇති ඉමේජයේ වචන හිස්තැනේ ටයිප් කරන්න.අවසානයේදී Create New Account and Finish මත ක්ලික් කරන්න.ඉන්පසුව යූටියුබ් අඩවියෙන් ඉහත සඳහන් කළ ඊ තැපෑලට ඊ ලිපියක් යවා ඇති බව දන්වා සිටී.
ඔන්න දැන් ඊ තැපෑල විවෘත කර යූ ටියුබ් වෙබ් අඩවියෙන් එවා ඇති ඊ ලිපිය මත ක්ලික් කර එහි ඇති ලින්ක් එක මත ක්ලික් කර ඔබගේ ඊ ලිපිනය ඔබ විසින් භාවිතා කරන්න එකක්යැයි තහවුරු කරන්න.ඔයාලට තමන්ගෙ එකවුන්ට් එක විවෘත කරන්න අවශ්‍යනම් යූ ටියුබ් අඩවියට පිවිස Sign In යන බට්න් එක මත ක්ලික් කරන්න.Username හා Password ලබා දෙන්න.නැවත එයින් පිටවීමට අවශ්‍ය නම් Sign Out බට්න් එක මත ක්ලික් කරන්න.

Upload Your Own Video-

ඔන්න දැන්න තමයි නියම කොටස.යු ටියුබ් අඩවියට වීඩියෝවක් අප්ලෝඩ් කිරීමටනම් වෙබ් පිටුවේ ඉහළ ඇති upload යන බොත්තම මත ක්ලික් කරන්න.ඉන්පසුව පහළින් ඇති Upload Video නම් බට්න් එක මත ක්ලික් කිරීමෙන් ඊළඟ වෙබ් පිටුවට පිවිසිය හැක.ඉන්පසුව එහි ඇති  Browse  බට්න් එක ක්ලික් කොට පරිගණකයෙන් අවශ්‍ය වීඩියෝව තෝරා දෙන්න.අවසානයේ පහළින් ඇති upload video නම් බට්න් එක මත ක්ලික් කරන්න.ඉන්පසුව තරමක් කාලයක් ඔබේ වීඩියෝව යූටියුබ් අඩවියට එක්වීමට ගතවෙයි.
ඉන්පසුව ලැබෙන video update ෆෝම් එකෙහි ඇති Title,Description,Video Category,Tags යන්නට සුදුසු තොරතුරු ලබා දෙන්න.
ඔබට ඔබ විසින් ඇඩ් කරපු වීඩියෝවක් යූ ටියුබ් අඩවියෙන් ඉවත් කිරීමටනම් ඒ සඳහා වෙබ් පිටුවේ ඉහම දකුණු කෙළවරේ Account මත ක්ලික් කරන්න.ලැබෙන මෙනුවෙන් My videos මත ක්ලික් කරන්න.ඉන්පසුව ලැබෙන වෙබ් පිටුවේ අප විසින් ඇඩ් කරපු සියලුම වීඩියෝ පෙන්නාවි.එහි සෑම එකක් පහළින් Remove Video නම් බට්න් එකක් ඇති.ඔන්න ඕක ක්ලික් කරල එම වීඩියෝව ඉවත් කරන්න පුළුවන්.
සමහර අයට තමන් ඇඩ් කරපු වීඩියෝවල තොරතුරු වෙනස් කරන්න අවශ්‍ය වෙනවනේ.ඉහත සඳහන් කළ ආකාරයට My Videos( Acoount—My Videos) වෙබ් පිටුවට පිවිසෙන්න.එහි සෑම වීඩියෝවක් පහළින්ම Edit Video Info ලෙස බට්න් එකක් ඇති.එය ක්ලික් කර ඔබගේ වීඩියෝවේ තොරතුරු වෙනස් කළ හැකිය.

Annotations  පහසුකම -

මෙයින් තමන්ගේ වීඩියෝ විස්තරාත්මකව හා කලාත්මකව ඉදිරිපත් කළ හැකිය.මේ සඳහා පළමුව My Videos වෙබ් පිටුවට යන්න.එහි සෑම වීඩියෝවක් යටම Edit Annotation යන බට්න් එකක් ඇති.ඇනොටේට් කිරීම සඳහා එය මත ක්ලික් කරන්න.ඇනෝටේෂන් සඳහා භාවිතා කළ හැකි ක්‍රම තුනක් ඇත.ඒවා එකිනෙකෙන් කොහොමද ඇනොටේට් කරන්නෙ කියල දැන් අපි ඉගෙන ගනිමු.

1.ස්පීච් බබ්ල් (Speech Bubble) එක් කිරීම

යම් අයකු පවසන දෙයක් දැක්වීමට ස්පීච් බබ්ල් එක් කළ හැක.මේක කරන්නෙ මෙහෙමයි.වීඩියෝව ධාවනය වන විට අදාළ රූප රාමුවේදී නවතා ගත යුතුය.ඊට පස්සෙ Add Speech Bubble මත ක්ලික් කරන්න.එවිට ස්පීච් බබ්ල් එකක් රූප රාමුව මතට වැටේවි.ඉන්පසුව බබ්ල් එක අවශ්‍ය පරිදි ස්ථානගත කරන්න.ඒ තුළ ඇති ටෙක්ස් වෙනුවට ඔබට අවශ්‍ය ටෙක්ස් එකක් ලබා දිය හැක.එහි ඊ හිස ක්ලිප් එකෙහි පුද්ගලයා දෙසට යොමු කරවීම කළ හැකිය.වම් පස ඇති ඇනොටේෂන් ලිස්ට් එකෙන් ඇඩ් වී ඇති බව දැක හැකිය.එහි ස්පීච් එක ලෙස ලබා දුන් ටෙක්ස්ට් එකට පහළින් වේලා සටහන් දෙකකි.එහි පළමු වේලා සටහනෙන් දැක් වෙන්නේ ස්පීච් බබ්ල් එක දර්ශනය වන වේලාවයි.අනෙක් වේලා සටහනෙහි දැක්වෙන්නේ ස්පීච් බබ්ල් එක අවසන් කළ යුතු වේලාවයි.උදාහරණයක් ලෙස රූපයේ SinhaPedia ලෙස ස්පීච් බබ්ල් එක දරුශනය වේ.එහි දර්ශනය වන රූප රාමුව තත්පර 0.03 ක් කාලයක් පවතී.ඇනොටේෂන් ලිස්ට් එකේ දැක්වෙන ආකාරයට එය 0.01(0.00.01.1) දී දර්ශනය වීම අරඹා ඇත.තව දුරටත් වීඩියෝව ධාවනය වුවහොත් එම 0.10 කාලයට අයත් රාමුව පසු වූ විට දර්ශනය රූප රාමුවෙන් ඉවත් වෙනු ඇත.ඔන්න ඒ ක්‍රමය ඉවරයි.අනෙක් ආකාරයට කරන හැටි දැන් ඉගෙන ගනිමුකෝ.

2.නෝඩ් (Node) එක් කිරීම

යම් රූප රාමුවකදී  දැන්වීමක් දර්ශනය කරවීමට නෝඩ් එකතු කළ හැක.ඒ සඳහා වීඩියෝ එක ධාවනය කොට අවශ්‍ය ස්ථානයේ නවතා ගන්න.ඉන්පසුව Add Node මත ක්ලික් කරන්න.එවි නෝඩ් එකක් රූප රාමුව මත වැටේවි.නෝඩ් එක අවශ්‍ය තැනක තබා ටෙක්ස්ට් එකක් ඇතුළු කරන්න.දර්ශනය වීම ආරම්භ විය යුතු හා අවසාන විය යුතු රූප රාමු මොනවාද යන වග අදාළ වේලා සටහන්වලින් සකස් කරන්න.ඔන්න ඒකත් ඉවරයි.අනිත් එකෙනුත් කරන හැටි ඉගෙනගමුකෝ.

3.සපොට් ලයිට් (Spot Light)එක් කිරීම
.
යම් දර්ශනයක විශේෂිත ස්ථානයක් ලකුණු කිරීමට ස්පොට් ලයිට් භාවිතා කරයි.මෙය බහත නෝඩ් එක කළ ආකාරයට කළ හැක.ඉහත කුමන ආකාරයෙන් කළ ඇනොටේෂන් එකක් ඇනොටේෂන් ලිස්ට් එකේ දකුණු කෙළවරේ ඇති කතිර ලකුණ ක්ලික් කර ඉවත් කළ හැක.
අන්තිමේදී Publish බට්න් එක ක්ලික් කරාම,අප කළ ඇනොටේෂන් සමඟ වීඩියෝව නැරඹීමට හැක.මෙහි අප එක් කළ වීඩියෝ වෙන අඩවිවල කරන ආකාරයටම Share හෝ Reply කළ හැක.
එන සතියෙන් තවත් නැවුම් අත්දැකීමකින් හමුවෙමු.
  


සාමාන්‍යෙයන් අපි එදිනෙදා පොත් කියවන විට කොහොමද පිටු පෙරලන ආකාරය.දැන් ඒ වගේ ක්‍රමයක් අප පරිගණකයෙනුත් නිර්මාණය කරන්න පුළුවන් ආකාරයට සොෆ්ට්වෙයාර් බඩ්ඩක් හදල තියෙන්නේ.මෙය භාවිතයෙන් අප නිර්මාණය කර ඇති PDF පිටු එකතුවකින් පොතක් සාදා, පරිගණක දර්ශකයේ මවුසය භාවිතයෙන් පිටු පෙරලන්න පුළුවන්.මෙය සේව් කොට සාදා ගත හැකි ඉලෙක්ට්‍රෝනික් පොත් හදුන්වන්නේ EBook කියාය. මෙවැනි EBook නිර්මාණය කරන්න පුළුවන් මෘදුකාංග බොහොමයක් ආන්තර්ජාලයෙන් සෙවීමේදී අපට හසුවෙයි.ඉතා ලෙහෙසියෙන් පොත් සාදන මාදුකාංගත් තියෙනවා.ඒත් අපට අවශ්‍ය නොමිලේ දෙන මෘදුකාංගයක් නේ.ඩොලර් තියෙන අයනම් ඒවා ගත්තට කමක් නෑ .නොමිලේ දෙන මෘදුකාංගය පොඩ්ඩක් හදුන්වල ඉමුකෝ.එය හදුන්වන්නේ Martview Digital Reading කියාය.අද මං කියා දෙන්න යන්නේ එය භාවිතයෙන් ඊ-බුක් එකක් නිර්මාණය කරන හැටි ගැන.

මෙය ඩව්න්ලෝඩ් කරගන්න මුලින්ම www.martview.com අඩවියට ගොස් නොමිලේ දෙන සේවය ඉවුන්ලෝඩ් කරගන්න.එය ඩව්න්ලෝඩ් කරගත් පසු martview_setup.exe නම් සෙටප් ෆයිල් එකක් ලැබේවි.මෙය පරිගණකයට ඉන්ස්ටෝල් තවත් මෘදුකාංගයක් පරිගණකයේ ඉන්සිටෝල් කර එම අවශ්‍යතාව සපුරා තිබිය යුතුය.එනම් Java Runtime Environment වැඩසටහනෙහි 1.6 සංස්කරණය හෝ ඊට පසු ආ සංස්කරණය.එය ඩව්න්ලෝඩ් කරගන්න www.java.com/download/manual.jsp යන ලිපිනයට පිවිසිය යුතුය.එම සෙටප් යෙිල් එක ඩවුන්ලෝඩ් කරගෙන.එය පරිගණකයට ඉන්සිටෝල් කර යුතුය.ඉහතින් කී මෘදුකාංග දෙක අවශ්‍ය අය පෙන්ඩ්‍රයිව් එකකට දාගෙන පාවිච්චියට ගන්න පුළුවන්ග( දෙකේ පන්තියේ අයට කිව්වේ).ඉන්පසුව Martview මෘදුකාංගය ඉන්සිටෝල් කර යුතුය.වෙන මෘදුකාංග ඉන්සිටෝල් කරනව වගේම මුලින් බස තොරන්න.මමනම් දැම්මේ ඉංග්‍රීසි.ඉන්පසුව සාමාන්‍ය විදියට ප්‍රතිචාර දක්වන්න.

මෙම මෘදුකාංගය වෙත පිවිසුනු විට දැකගත හැකි වෙන්නේ එහි යූසර්ගයිඩ් එකයි.මෙහි කිසිම ටූල් එකක් දැක ගත නොහැකිය.මෘදුකාංගයේ ඉහළට කර්සය ගෙනගියාම එක එක ක්‍රියාකරකම් සඳහා වෙන්වූ රිබන් එකක් හැඩති මෙනු එකක් මතුවේවි.මතු වුණේ නැත්නම් java වල ප්‍රශ්නයකි.එමෙන්ම එම වින්ඩෝ එක පහළින් පිටු වෙත පිවිසීම සඳහා සික්‍රෝල් එකක් ඇති මෙනුවක් දැකගත හැකිය.

ඉ-බුක් එකක් හදමුද-
 ඕනෑ රූප අඩංගු ෆයිල් එකක් ඉ-බුක් සැදීම සදහා භාවිතා කළ හැකිය (Jpg,png,gif).එමෙන්ම pdf ෆයිල්ද භාවිතා කර ඉ-බුක් සැකසිය හැකිය.එවිට මුල් කී ෆයිල්,.mart යන එක්ස්ටෙන්ෂන් එක සහිත ෆයිල් බවට පත්වේවි.ඒ සදහා මුලින්ම Martview ඇප්ලිකේෂන් වින්ඩෝ එකෙහි ඉහළින් ඇති මෙනු එකෙන් Create E-Book යන්න මත ක්ලික් කරන්න.රවිට Create E-Book යන ඩයලොග් බොක්ස් එක විවෘත වේවි.එහි PDF භාවිතයෙන් ඉ-බුක් සෑදිමට වෙනමම කොටසක් වෙන්වී ඇත.තවද ඡායාරූප භාවිතයෙන් ඉ-බුක් සෑදීමට වෙනමම කොටසක් වෙන්වී ඇත.අන්තිමටම ඇති Zip හෝ Rar ෆයිල් එකක් භාවිතයෙන් ඉ-බුක් එකක් සෑදීමට වෙනමම වෙන්වූ කොටසක්.ඒ සදහා ඡායාරූප ෆයිල් කම්ප්‍රෙස් කර තිබිය යුතුය.මේ ඕනෑම විදියක් භාවිතා කොට ඔයාලට ඉ-බුක් සෑදිය හැකිය.අර ඉස්සෙල්ලා කියූ එක එක වර්ගයේ ෆයිල් වලින් ඉ-බුක් සාදන ආකාරය පෙන්වූ කොටස් යට Create නම් බට්න් එකක් ඇති.ඔය කුමන Create බට්න් එක මත ක්ලික් කළද සෑම විටම විවෘත වන්නේ Open නම් ඩයලොග් බොක්ස් එකයි. ඉ-බුක් එක සදහා අවශ්‍ය ෆයිල් සිලෙක්ට්කර Open නම් බට්න් එක මත ක්ලික් කරන්න.එවිට විවෘත වෙන Create E-Book බොක්ස් එක තුළ e-Book Created Successffully ලෙස පණ්වුඩය දැක ගත හැකිවේවි.එහි Open බට්න් එක ක්ලික් එළ විට මාට්විව් ප්ලෙයරය මගින් තමාගේ පොත දැක ගත හැකිය.අපි සාදන සෑම ඉ-බුක් එකක්ම සාදන විට My E-Boooks නම් ෆෝල්ඩරයේ ගබඩා වේ.ඒවා ක්ලික් කර මාට්විව් ප්ලෙයරය හරහා ඒවා නැරඹිය හැකිය.මෙසේ My E-Books නම් ෆෝල්ඩරය තුළ ඉ-බුක් ගණනාවක් ඇති විටෙක,ඉන් අවශ්‍ය එකක් විවෘත කර ගැනීමට,මෙහි ඉන්ටර්ෆේස් එකෙහි ඇති Book Shelf යන්න මත ක්ලික් කළ යුතුය.එවිට පෙන්වන ඉබුක් අතරින් අවශ්‍ය ඉ-බුක් එක මත ක්ලික් කළ විට එය විවෘත කරගත හැක.

ඉ-බුක් පෙරළා බලන්න ආසද- 

සාමාන්‍යෙයන් ඉ-බුක් පෙරළන්නේ දකුණු පසින් හෝ වම්පසින් මවුසය භාවිතයෙන් තල්ලු කිරීමෙනි.මෙහි එයද භාවිතා කළ හැකිය.එහෙත් මෙහි එය කිරීමට වෙනන ඔප්ෂන් හදුන්වා දී ඇත.ඒ සඳහා ඉන්ටර්ෆේස් එකෙහි ඉහළින් ඇති මෙනු එක තුළින් Horizontal Slide,Thumbnails හෝ Index යන බට්න් එක මත ක්ලික් කර ඒවා විමසා බැලිය හැකිය.මවුසයේ බට්න් දෙක එකවර තද කිරීමෙන් එය විශාල කර බැලිය හැකිය.නැවත පිටුව කුඩා කිරීමටනම් එකවර මවුසයේ බට්න් දෙක නැවතත් තද කළ යුතුය.

  තමාගේ ඉ-බුක් එක ප්‍රසිද්ධ තරමුද

තමාගේ ඉ-බුක් ප්‍රසිද්ධ කිරීම සදහා Martview අඩවිය ඉඩ ප්‍රසි්ථාවක් ලබා දේ.එය upload කිරීම සදහා මුලින්ම Martview ඇප්ලිකේෂන් වින්ඩෝ එකෙහි ඉහළින් ඇති මෙනු එක තුළින් Upload E-Books යන්න මත ක්ලික් කරන්න.එවිට විවෘත වෙන්නේ upload ඩයලොග් බොක්ස් එකයි.එහි මුලින්ම ඔබගේ නම අසා ඇති,දෙවනුව රට අසා ඇති ඒවාට පිළිතුරු දී තෙවනුවට දැක ගත හැකි Select E-Books යන්නට තමාගේ ඉ-බුක් තේරීමට Browse බට්න් එක ක්ලික් කරන්න.එවිට Open ඩයලොග් බොක්ස් එක විවෘත වේවි.ඔබගේ ඉ-බුක් එක තෝරා Open බට්න් එක ක්ලික් කරන්න.දැන් නැවතත් යොමුවෙන්නේ upload බොක්ස් එක වෙතටයි.එවිට එහි පෙන්වන්නේ ඉ-බුක් එක සඳහා තොරා ගත හැකි කවර කිහිපයකි.එයින් කැමති රූපයක් මත ක්ලික් කරන්න.ඔන්න Browse වැඩේ ඉවරයි.ඉන්පසුව අසා ඇති Book Title නම් ස්ථානයට සුදුසු නමක් දෙන්න.පසුවැන්නට අසා ඇත්තේ Category ලෙසය.එයට ඉ-බුක් යන්න තෝරන්න.ඉ-බුක් යන්න තේරුව විට පමණි මාට්විව් අඩවියේ අපගේ ඉ-බුක් එක දැකගත හැකි වන්නේ.ඊට පස්සෙ අහල ඇති තොරතුරු වලට මම අවශ්‍ය නැහැ.අවසානයේදී පහළ වම් කෙළවරේ ඇති upload බට්න් එක ක්ලික් කරන්න. අයියෝ සල්ලි වැඩේ ඉවරයි.තවත් සති දෙකකින් හමුවෙමුකෝ
Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -